ජීව විද්‍යාව හැඳින්වීම (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.1)

ජීව විද්‍යාව යනු කෙටියෙන් කියතොත් ජීවීන් පිළිබඳ හැදෑරීමයි. ජීව විද්‍යාව හදාරන්නේ කුමක් සඳහා ද? ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කමි කිහිපයක් පහත දැක්වේ.

  1. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ, එනම් ජීවිත් කොපමණ කලක් සිට පවතින්නේ ද, ජීවී විශේෂ කොපමණ සංඛ්‍යාවක් මිහිමත දක්නට ලැබෙන්නේ ද, ජීවී සහ අජීවී ලෝක අතර පවතින ගතික සම්බන්ධතාවයන් මොනවා ද? යන්න පිළිබඳ අවබෝධ කර ගැනීම.
  2. මිනිස් සිරුරේ ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධ කරගැනීම.
  3. පරිසරය හා ස්වභාව සම්පත් කළමනාකරනය. (මෑතක දී සිදු වූ මීතොටමුල්ල සිදුවීම දෙස බැලූ කළ මෙම අධ්‍යනයන් කෙතරම් රටකට අවශ්‍ය දැයි හැඟේ.) මෙහිදී ස්වාභාවික සම්පත් කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය හා පරිසර දූෂණය අවම කිරීම වැනි ඉලක්ක ජීව විද්‍යෘව අධ්‍යනය මඟින් ළඟා කරගත හැක.
  4. තිරසාර ආහාර නිෂ්පාදනය. ලෝක ජනගහනය වැඩි වීමත් සමඟ තිරසාර ආහාර නිෂ්පාදනය නැගී එන මාතෘකාවකි.
  5. රෝගවලට හේතු සහ ඒවායේ බලපෑම් අවබෝධ කරගැනීම. පිළිකා, ඒඩ්ස්, ක්ෂය රෝගය, මැලේරියාව වැනි රෝග සඳහා මේ වන ලොව පුරා පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරේ.

උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ජීව විද්‍යාව ඒකක 10 ක් යටතේ අධ්‍යනය කෙරේ. (2019 නව විෂය නිර්දේශය අනුව). ඒවා පහත පරිදි වේ.

  1. ජීව විද්‍යාව හැඳින්වීම
  2. ජීවයේ රසායනික හා සෛලීය පදනම
  3. ජීවින්ගේ පරිණාමය හා විවිධත්වය
  4. ශාක ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය
  5. සත්ත්ව ව්‍යූහය සහ ක්‍රියාකාරීත්වය
  6. ප්‍රවේණි විද්‍යාව
  7. අණුක ජීව විද්‍යාව හා ජාන ප්‍රතිසංයෝජන තාක්ෂණය
  8. පාරිසරික ජීව විද්‍යාව
  9. ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  10. හර ජීව විද්‍යාව

මෙම ඒකක යටතේ පාඩම් ඉදිරියේ දී සතිපතා ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම පාඩම් පෙළ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ හට නොමිලයේ සැපයෙන සේවාවත් වන අතර ඔබ මෙය උපරිම අයුරින් භාවිතා කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s