විද්‍යාත්මක ක්‍රමය (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.4)

මෙම පාඩමෙන් අප සූදානම් වන්නේ විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව යි. 2019 නව විෂය නිර්දේශයෙහි මෙම කොටස ඉවත් කර ඇතිමුත් සම්පූර්ණභාවය උදෙසා අපි කෙටියෙන් මෙය සාකච්ඡා කරමු. විද්‍යාත්මක ක්‍රමය යනු, කිසියම් සිද්ධියක් හෝ ගැටළුවක් හෝ පිළිබඳව අන්වේෂණය කිරීම සඳහා, ලොව පුරා විද්‍යාඥයින් හෝ ජීව විද්‍යාඥයින් අනුගමනය කරන, ක්‍රමානුකූල අනුපිළිවෙලක් ඇති, සංවිධානාත්මක අන්වේෂණ රටාව යි. විද්‍යාත්මක ක්‍රමය මඟින් …

Advertisements

ජීවීන් සතු ලාක්ෂණික ගතිගුණ (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.3)

මේ ආකාරයේ විවිධත්වයකින් යුතු වූ ජීවී ලෝකයේ ලක්ෂණ මොනවාද? ජීව විද්‍යාඥයින් විසින් ජීවින් සතු ලාක්ෂණික ගතිගුණ 7 ක් ඉදිරිපත් කර ඇත. මෙවා ලාක්ෂණික වීමට හේතුව නම් මෙම ලක්ෂණ සියල්ල එකවර ජීවීන් තුළ පමණක් දැකගත හැක් වීමයි. ඒ ලක්ෂණ නම්, ක්‍රමවත්බව හා සංවිධානය පරිවෘත්තිය වර්ධනය හා විකසනය උද්දීප්‍යතාව හා සමායෝජනය අනුවර්තනය ප්‍රජනනය ආවේණිය සහ පරිණාමය ක්‍රමවත්බව …

ජීවීන් පෙන්වන විවිධත්වය (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.2)

ජීව විද්‍යාව යනු කුමක් දැයි පෙර පාඩමේ දී ඔබ විසින් ඉගෙන ගන්නා ලදී. මෙම පාඩමෙන් බලාපොරොත්තු වන්නේ ජීවී ලෝකය සම්බන්ධ ජීව විද්‍යාවෙහි මූලික සිද්ධාන්ත කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි. ජීවින් අතර පුළුල් පරාසයකින් යුතු විවිධත්වයක් දැක ගක හැක. එසේ වන්නේ තරම, හැඩය, ආකාරය හා ව්‍යාප්තිය අනුව ය. තරම බැක්ටීරියාවක විශාලත්වය 0.2 µm - 2 µm අතර වේ. සාමාන්‍ය මිනිසෙකුගේ උස 1.5 …

ජීව විද්‍යාව හැඳින්වීම (ජීව විද්‍යාව කෙටි සටහන් – ඒකකය 1.1)

ජීව විද්‍යාව යනු කෙටියෙන් කියතොත් ජීවීන් පිළිබඳ හැදෑරීමයි. ජීව විද්‍යාව හදාරන්නේ කුමක් සඳහා ද? ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කමි කිහිපයක් පහත දැක්වේ. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ, එනම් ජීවිත් කොපමණ කලක් සිට පවතින්නේ ද, ජීවී විශේෂ කොපමණ සංඛ්‍යාවක් මිහිමත දක්නට ලැබෙන්නේ ද, ජීවී සහ අජීවී ලෝක අතර පවතින ගතික සම්බන්ධතාවයන් මොනවා ද? යන්න පිළිබඳ අවබෝධ කර ගැනීම. මිනිස් …